Gossips

වීසා ක්‍රමයත් අලුත්වේ

මෙරට ක්‍රියාත්මක වන වීසා ලබාදීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
වීසා ලබාදීමේ ක්‍රමවේදය දීර්ඝ කාලයකින් යාවත්කාලීන නොකිරීම තුළ මතුවී ඇති ගැටළු මුල් කරගනිමින් මෙම තීරණය ගත් බවයි විෂයභාර ඇමති එස්.බී. නාවින්න කියා සිටියේ.
මේ සඳහා නව රෙගුලාසි මාලාවක් මේ වනවිටත් සකස් කර ඇති අතර, විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුලු අමාත්‍යාංශ කිහිපයක් ඊට දායකත්වය ලබාදී තිබෙනවා.
නීතිපතිවරයාගේ අවසරය ලද වහාම එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ.