වීරවිල ගුවන් හමුදා කදවුරට අනුබද්ධිත ඉන්ධන පිරවුම්හල මගින් නිකුත් කළ ඩීසල්වල ප්‍රමිතිය පිළිබදව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඍජු අධීක්ෂණය යටතේ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ, ගෲප් කපිතාන් එම්.ඩී.ජී. සෙනෙවිරත්න සඳහන් කළේ එම ඉන්ධන පිරවුම්හල තුළ යම් අක්‍රමිකතාවක් සිදුවී ඇත්නම් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
එමෙන්ම අදාළ ඞීසල් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මෙම ඉන්ධන පිරවුම්හලේ ඩීසල් නිකුත් කළ පොම්පය ද මුද්‍රා තබා තිබෙනවා.
අදාළ ඉන්ධන පිරවුම්හලෙන් ප්‍රමිතියෙන් තොර ඉන්ධන නිකුත් කරන බව පවසා පාරිභෝගකයින් පිරිසක් ඊයේ පිරවුම්හල අසළ නොසන්සුන් අයුරින් හැසිරුණා.
