Gossips

වීරවිල ගුවන් හමුදා ඉන්ධන පිරවුම්හලේ උණුසුම් තත්ත්වයක්

වීරවිල නගරයේ පිහිටි ගුවන් හමුදා සුබ සාධක සංගමයට අයත් තෙල් පිරවුම් හලේ අද උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
ඒ එයින් නිකුත් කරන ඩීසල් වල භූමිතෙල් මිශ්‍ර බවට පාරිභෝගිකයින් චෝදනා කිරීමත් සමඟින්.
වීරවිල නගරයේ පිහිටි මෙම තෙල් පිරවුම් හලෙන් තෙල් ලබාගත් පිරිසක් ඊයේ කතරගම ප්‍රදේශයට පිටත්ව ගොස් තිබෙනවා.
කෙසේවෙතත් ඔවුන් ගමන් ගත් වෑන් රථය අතරමඟ නැවතී ඇති අතර ඔවුන් චෝදනා කළේ රථයට ගැසු ඩීසල් හේතුවෙන් මෙලස වාහනය නැවතුණු බවයි.