Gossips

වීරකැටිය ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට මව්පියන් විරෝධයක

වීරකැටිය ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුලත් කර නොගන්නා බව පවසමින් දෙමාපියන් පිරිසක් විද්‍යාලය අසල අට්ටාලයක සිට උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
උපවාසය සඳහා 2019 වර්ෂයේ වීරකැටිය ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණිය සඳහා ඉල්ලුම් කර ඇති දරු දැරියන් පහළොස් දෙනෙකුගේ දෙමාපියන් පිරිසක් එක්ව සිටින බවයි අප වාර්තාකරු කියා සිටියේ.
ඔවුන් පවසන්නේ විද්‍යාලය අයත් වන ග්‍රාම නිළධාරී කොට්ඨාසයේම ස්ථිර පදිංචි සහිත පුද්ගලයින් පිරිසක් මෙලෙස අසාධාරණයට ලක්ව ඇති බවයි.

rn