Gossips

වීරකැටියේ මව ඝාතනය කළේ ලොකු පුතා – මිහිදන් කළ පසු ලැබුණු ඇමතුමකින් හෙළිවේ

ගෙළ මිරිකා තම මව ඝාතනය කළ පුතෙකු වීරකැටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වනවිට මියගිය මවගේ දේහය පිලිබඳ අවසන් කටයුතු ද නිමා වී තිබූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
පසුගිය 27 වනදා නිවසේදී මෙම මව මියගොස් තිබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී ප්‍රකාශ කර තිබුණේ එම මරණය සැක සහිත බවයි.
ඒ අනුව, පරීක්ෂණ කටයුතු ආරම්භ කර දේහය ඊයේ භූමදාන කර තිබුණා.
මේ අතර, අවසන් කටයුතු නිමවීමෙන් පසු පොලීසියට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකින් ප්‍රදේශවාසියෙකු සදහන් කර තිබුණේ මියගිය මවගේ වැඩිමහල් පුතු ගෙළ මිරිකා ඇය ඝාතනය කර ඇති බවයි.
ඒ අනුව, වීරකැටිය – හකුරුවෙල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ඇයගේ වැඩිමහල් පුතු අත්අඩංගුවට ගත් අතර, වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී මව ඝාතනය කළ බව ඔහු පිළිගෙන තිබුණා.