Gossips

වීරකැටියේදී දෙදරු පියෙකුට වෙඩි (ඡායාරූප)

වීරකැටිය, හකුරුවෙල, මකුළුදෙනිය ප්‍රදේශයේදී ඊයේ මධ්‍යම රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ හකුරුවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 39 වැනි වියේ පසුවූ දෙදරු පියෙක්.
පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර පැවති පැරණි ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මකුළදෙනිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 43ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
තවත් පුද්ගලයෙකු ප්‍රදේශය අතහැර පළා ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මකුළුදෙනිය ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය නිවසකට ගොස් නැවත නිවස බලා යාමට සිය යතුරුපැදිය නවතා තිබූ ස්ථානයට යමින් සිටියදී අදාල පුද්ගලයා මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති අතර මෘත ශරීරය මේ වනවිට තංගල්ල මූලික රෝහලේ තැන් පත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වීරකැටිය පොලීසිය මඟින් සිදුකරනු ලබනවා.


ඡායාරූප – හම්බන්තොට, රාහුල් සමන්ත