Gossips

වීරකැටියේදී ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනී

විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු වීරකැටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පොලිසියට ලද තොරතුරක් මත සොරකම් කරන ලද ගවයින් රැගෙන යන ලොරි රථයක් වීරකැටිය – යක්ගස්මුල්ල ප්‍රදේශයේදී නැවැත්වීමට සංඥා කර ඇති අතර, එහිදී නොනවත්වා ධාවනය කළ ලොරි රථය මාර්ගය අසල වෙළඳසැලක ගැටී ඇති බව සඳහන්.
අනතුරින් පසුව සැකකරුවන් දෙදෙනා පළාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.
ලොරි රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා.