Gossips

වීථි ලාම්පු නිසා උණුසුම් වූ ලාහුගල ප්‍රාදේශිය සභාව

ලාහුගල ප්‍රාදේශිය සභාවේ අද (25) පැවති සභා වාරය අතර තුර ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.
ලාහුගල ප්‍රාදේශිය සභාවට අයත් හුලංනුගේ ගම්මානයේ සවි කළ වීථි ලාම්පු සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් පිළිබඳව ජනතා විමුත්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු විසින් සභාවට යොමුකළ ප්‍රශ්නයක් හේතුවෙන් මෙම උණුසුම් කාරී තත්ත්වය හටගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.
මෙම උණුසුම් වතාවරණය පවතින අවස්ථාවේදී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් විසින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකුට පහරදීමට උත්සහකර තිබෙනවා.
කෙසේ වෙතත් ප්‍රාදේශිය සභාවේ සෙසු මන්ත්‍රීවරුන් එය වළක්වා ඇති අතර මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් සභාවේ කටයුතු මද වේලාවක් ප්‍රමාද කිරීමට ද සිදුවූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.