Gossips

විහාරස්ථානවල පිං කැට කඩා මුදල් සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

විහාරස්ථානවල සවිකර ඇති පිං කැට කඩා මුදල් සොරකම් කළ සංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයන් දෙදෙනෙකු බලංගොඩ නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සුඛෝපභෝගී මෝටර් රථයක් සහ සොරකම් කළ කාසි මලු 5 ක් ද සමගින්.
සැකකරුවන් දීර්ඝ කාලයක සිට බලංගොඩ ප්‍රදේශයට සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණ මෙම ජාවාරමේ නිරතවී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
අප වාර්තාකරු සඳහන් කළේ සොරකම් කරන ලද කාසි මාරු කිරීම සඳහා සුපිරි වෙළඳසැලකට රැගෙන යන අවස්ථාවේ ලැබුනු තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඔවුන් භාවිත කළ සුඛෝපභෝගී මෝටර් රථය වාහන කුලියට ලබාදෙන ආයතනයකින් ලබාගත් එකක් බවට මූලික විමර්ශණවලදී හෙළිවී තිබෙනවා.
අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් දෙදෙනා කැබිතිගොල්ලෑව සහ කලවාන ප්‍රදේශවල පදිංචිකරුවන්.
ඔවුන් හෙට බලංගොඩ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර බලංගොඩ පොලිසිය විමර්ශණ මෙහෙයවනවා.

ඡායාරූප – බලංගොඩ රෝහණ වසන්ත