Gossips

විහාරස්ථානයක නිධන් හාරමින් සිටි දෙදෙනෙක් අත්ඩංගුවට

යටිනුවර – පොකුණුගොඩ ප්‍රදේශයේ පිහිටි වසර 400ක් පැරණි විහාරස්ථානයක නිධන් හාරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් දෙදෙනා තවත් පිරිසක් සමග විහාරස්ථානයේ බෝධින් වහන්සේ අභියස අඩි 15ක පමණ ගැඹුර වළක් හාරා නිධන් ලබාගැනීමට උත්සහ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා යටිනුවර ප්‍රදේශයේම පදිංචිකරුවන්.