Gossips

විහාරමහා දේවී උද්‍යානයේ කොටසකට මුදල් අය කෙරෙන යෝජනාවක්

කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ සහ මෝදර කාක දුපත උද්‍යානයේ ඉදිකිරීමට නියමිත ළමා උද්‍යානවල ක්‍රීඩා කිරීමට පැමිණෙන දරුවන්ගෙන් පැයකට රුපියල් 400 ක් බැගින් පෞද්ගලික සමාගමක් වෙත අය කර ගැනීම සඳහා වන යෝජනාවක් කොළඹ මහ නගර සභාව සම්මත කරගෙන තිබෙනවා.
ඒ අනුව පෞද්ගලික සමාගමක් විසින් මෙම උද්‍යාන තුළ වෙනම කොටසක මෙම ක්‍රීඩා ස්ථාන ඉදිකරනු ලබන අතර, වයස අවුරුදු 05 ත්, 10 ත් අතර දරුවෙකුගෙන් විනාඩි 15 කට රුපියල් 100 ක් බැගින් අය කෙරෙනු ඇති.
කොළඹ මහ නගර සභාවේ මුදල් කමිටුවේ නිර්දේශ පරිදි මහ නගර සභාවට ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලැබී ඇති අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම අවස්ථාවේ සභාවේ රැඳී සිට නැහැ.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ඊට විරුද්ධ වී තිබෙනවා.
අප මේ සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රී හේමන්ත වීරකෝන්ගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ නගර සභා ඉතිහාසයේ කිසිම අවස්ථාවකදී ළමයින්ගෙන් මෙවන් ආකාරයේ මුදල් අයකිරීමක් සිදුකර නොමැති බවයි.