Gossips

විසුරුවා හැරුණු අධ්‍යක්ෂ මණ්ඩල ගැන කතා කරන්න එජාපය, ජනපති හමුවෙයි

ලංකා බැංකුව, මහජන බැංකුව සහ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට ගත් තීරණය පිළිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් පිරිසක් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
ඊයේ රාත්‍රී සිට බලපැවැත්වෙන පරිදි අදාළ ආයතන තුනෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමටයි ජනාධිපතිවරයා පියවර ගත්තේ.
ලංකා බැංකුව සහ මහජන බැංකුව, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යටතේත්, ආයෝජන මණ්ඩලය අමාත්‍ය මලික් සමරවික්‍රම යටතේත් පවතිනවා.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් කිහිපදෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි අතර, මේ වනවිට අදාළ සාකච්ඡාව ආරම්භ කර තිබෙනවා.