පසුගිය රජයේ ප්‍රධානීන් භාවිත කළ විසුම්පාය ගොඩනැගිල්ල පැවති රජය විසින් එවක විපක්ෂයට දේශපාලනමය වශයෙන් මඩ ගැසීම සදහා භාවිත කර ඇති බවට සන්ධාන මන්ත්‍රීවරුන් චෝදනා කරනවා.
ඔවුන් අද මාධ්‍යවේදීන් පිරිසක් ද සමග විසුම්පාය නිරීක්ෂණය කළා.
ඉන් අනතුරුව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න කියා සිටියේ රාජ්‍ය දේපල අවභාවිත කිරීමක් සිදුකර ඇති බවයි.