නීතිවිරෝධී ලෙස රුපියල් විසි ලක්ෂ 25,000කට වැඩි වටිනාකමින් යුත් රන් බිස්කට් 3ක් රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සදහන් කළේ ඊයේ (29) රාත්‍රියේ සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි මෙම පුද්ගලයා සතුව තිබී ග්‍රෑම් 300ක රන් බිස්කට් සොයාගෙන ඇති බවයි.
සැකකරු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්.
