Gossips

විසිදෙලක්ෂ පනස්දහසක විදේශීය දුම්වැටි තොගයක් කුරුණෑගලදී අල්ලයි (ඡායාරූප)

මුහුදු මාර්ගයෙන් මෙරටට එවන ලද භාණ්ඩ තොගයක් අතර සඟවා තිබූ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කුරුණෑගල ප්‍රදේශයේ ගබඩා සංකීර්ණයකදී ඊයේ (19) රේගු නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා.
ඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි 45,000ක් අඩංගු දුම්වැටි කාටූන් 225 ක් මෙහිදී සොයාගෙන ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් විසිදෙලක්ෂ පනස්දහසක් පමණ වන බවයි රේගුව පැවසුවේ.
කුවේටයේ වසර 30 ක් සේවය කළ 50 හැවිරිදි, කන්තලේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ නමට මෙම භාණ්ඩ තොගය නැව් මඟින් එවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
මෙම කාන්තාව කුවේටයේ දී එරට වැසියෙකු සමඟ විවාහ වී සිටින අතර ඇය ගුවන් මඟින් මෙරටට පැමිණ මෙම භාණ්ඩ තොගය නැව් මඟින් ඒවා තිබෙනවා.

ඡායාරූප -කටුනායක, ටී.කේ.ජී.කපිල