විසිතුරු මසුන් හා ජලජ පැළෑටි වගාවන් සඳහා විශේෂ පුහුණු වැඩසටහනක් නාරා ආයතනය විසින් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව 43 දෙනෙකුට අදාළ වගා කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ බෙදා දීම ඊයේ (05) සිදුකෙරුණා.
මෙම එක් තාක්ෂණික උපකරණයක මිල රුපියල් ලක්ෂ 05ක් වන අතර, රුපියල් මිලියන 18ක් පමණ වටිනා උපකරණ මෙම වැඩසටහන යටතේ බෙදා දුන් බවයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සඳහන් කළේ.