Gossips

විසිතුරු මල් වගාකරුවන් සහ අත්කම් භාණ්ඩ නිෂ්පාදකයන් අසීරුතාවක

සිය නිෂ්පාදන අලෙවි කරගැනීම සඳහා වෙළඳපොලක් නොමැතිවීම හේතුවෙන් විසිතුරු මල් වගාකරුවන් සහ අත්කම් භාණ්ඩ නිෂ්පාදකයන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.
විවිධ ආයතන මගින් ලබාදෙන ණය සහන යටතේ විශාල පිරිසක් මෙම විසිතුරු මල් සැකසුම් සහ අත්කම් නිෂ්පාදනයට යොමුව ඇති අතර මේ නිසා වෙළඳපොලේ ඉල්ලුමට වඩා සැපයුම ඉහල ගොස් තිබීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව සඳහන්.
මේ නිසා සිය නිෂ්පාදන අපනයනය කිරීමට නිසි ක්‍රමවේදයක් සකසා දෙන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.