ලබන 20 වනදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත ජාතික ආණ්ඩු යෝජනාව පරාජයට පත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය සමඟ ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය ද එක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී .වී. චානක මේ බව කියා සිටියේ එම පක්ෂය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
