Gossips

විස්ස යට සැඟවුණු කුමන්ත්‍රණයක් – ජා.නි.පෙ

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ අරමුණ වී ඇත්තේ මීළග ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ගෙන ඒමට පසුබිම සකසා ගැනීම බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා.
එහි ප්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
‘‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අනුර කුමාර දිසානායක ගෙන එන යෝජනාවේ කිසිතැනක විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරනවා කියලා එකක් නැහැ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිම තැනක විධායක ජනාධිපති තනතුරක් කියලා එකක් නැහැ. ඔවුන්ගේ අරමුණ තමයි ඊලග ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ගෙන ඒම සදහා පසුබිම සකස් කර ගැනීම. මේක පැරදුනාට පරදින්නෙ මේකෙන් කොටසයි. විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරනවා කියන පරදින අතරේ කාරක සභා අවස්ථාවේදී දාන කුමන්ත්‍රණකාරි සංශෝධන ටික සම්මත වෙනවා පාර්ලිමේන්තුවේ. ඒ සම්මත වීම හරහා පළාත් සභාවට බලතල ලැබෙනවා. ඒ කියන්නෙ අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ගෙනල්ලා ඒ උත්සාහ කරලා බැරිවුණ ටික මේ කෙටුම්පත පරාජය වීම හරහා කර ගන්න පුළුවන්. මේක අක්ක පෙන්නලා නංගි දීග දෙන වැඩක්. ඔවුන් එන්නෙම ප්‍රධාන අරමුණ පරදින්න. අතුරු නිෂ්පාදනය එලියට ගන්න.’’