Gossips

විස්ස ගැන කථා

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා.
ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ මෙම පනත් කෙටුම්පත ඉල්ලා අස් කරගත යුතු බවයි.
මේ අතර ජාතික භික්ෂු පෙරමුණ කොළඹ අද කැදවා තිබූ තවත් මාධ්‍ය හමුවකදී ඊට එක්වූ එහි ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය අනුමත කරන කිසිවෙකුත් විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ විය නොහැකි බවයි.