Gossips

විස්සයි විස්ස සහ ටෙස්ට් වෙනස ග්‍රැහැම් ස්මිත් පහදයි

විස්සයි විස්ස තරඟ ක්‍රිකට් ක්‍රීඩාවට ජීවයක් සහ මූල්‍ය වත්කමක් වුවද, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව මගින් දුර්වල කණ්ඩායම් නිරාවරණ වන බව දකුණු අප්‍රිකාවේ හිටපු ටෙස්ට් නායක, ග්‍රැහැම් ස්මිත් පවසනවා.
පන්දු 30කදී ලකුණු 70ක් ලබා ගනිමින් විස්සයි විස්ස තරඟයක් ජයග්‍රහණය කළ හැකි වුවද ටෙස්ට් තරඟයකදී එවැනි ප්‍රාතිහාර්යයක් සිදුකළ නොහැක්කේ එය වෙනස් අභියෝගයක් නිසා බව ඔහු කියා සිටියා.
ග්‍රැහැම් ස්මිත් මේ බව සඳහන් කළේ කොල්කටාවේ ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාගාරයේ දී ඊයේ ජග්මෝහන් දාල්මියා අනුස්මරණ දේශනය පවත්වමින්.
වර්ණභේදවාදය නිසා ක්‍රිකට් තහනමකට ලක්ව සිටි දකුණු අප්‍රිකාවට නැවතත් ජාත්‍යන්තර තරඟවලට අවතීර්ණ වීම සඳහා ඉන්දියාව සහ අභාවප්‍රාප්ත ජග්මෝහන් දාල්මියා සහය වූ බව ඔහු සඳහන් කළා.
එලෙස නැවත ජාත්‍යන්තර පිටියට පිවිසීමෙන් අනතුරුව ක්ලයිව් රයිස් ගේ නායකත්වයෙන් යුත් දකුණු අප්‍රිකානු පිළ ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී ඉන්දියාව සමඟ තරඟ වදින අයුරු තමා 12 හැවිරිදි යෞවනයෙකු ලෙස නැරඹූ අයුරු ග්‍රැහැම් ස්මිත් සිහිපත් කළා.