Gossips

විස්සයි විස්ස ශ්‍රී ලංකාව පරදී

ශ්‍රී ලංකා පිලේ දුර්වල පන්දු රැකීම හමුවේ ජේසන් රෝයි පන්දු 36 කින් ලකුණු 69 ක් රැස් කිරීමත්, ආරම්භක පිතිකරුවන් ඇතුලූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හත්දෙනෙකු එංගලන්ත දඟ පන්දුවලට ගොදුරුවීමත් නිසා ඊයේ පැවති විස්සයි විස්ස තරගයෙන් එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 30 ක පරාජයක් ලැබුවා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස එංගලන්තයට ආරාධනා කළා.
ඔවුන් සිය පන්දු වාර විස්ස තුළදී කඩුලූ 8 ක් දැවී ලකුණු 187 ක් රැස් කිරීමට සමත්වුණා.
ශ්‍රී ලංකා පිල පන්දු වාර විස්ස තුළදී සියලූ ක්‍රීඩකයන් දැවී රැස් කළේ ලකුණු 157 ක් පමණයි.
එහිදී නායක තිසර පෙරේරා පමණක් පන්දු 31 කදී හයේ පහර හයක් සමඟ ලකුණු 57 ක් රැස් කිරීමට සමත්වුණා.
දිගු කළකට පසු එංගලන්තය නියෝජනය කළ ජෝ ඩෙන්ලි ලකුණු 19 කට කඩුලූ 4 ක් බිඳ හෙලූ අතර, අදිල් රෂීඞ් ලකුණු ලකුණු 11 කට කඩුලූ 3 ක් බිඳ හෙලූවා.