Gossips

විස්සයි විස්ස ලීග් තරඟාවලියේ පුහුණුකරුවන් නම් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන විස්සයි විස්ස ලීග් තරඟාවලිය ලබන 21 වැනිදා ආරම්භ වන අතර, ඒ සඳහා කණ්ඩායම් පුහුණුකරුවන් අද නම් කෙරුණා.
ඒ අනුව ගාල්ල කණ්ඩායම වෙනුවෙන් රෝයී ඩයස්, කොළඹ කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ගුණවර්ධන, මහනුවර කණ්ඩායම වෙනුවෙන් පියල් විජේතුංග සහ දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් සුමිත්‍ර වර්ණකුලසූරිය ප්‍රධාන පුහුණුකරුවන් ලෙස පත්කර තිබෙනවා.