ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියට සහභාගී නොවී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සදහා ඕස්ට්‍රේලියාව බලා පිටත් වූ ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ යළි දිවයිනට පැමිණියා.
පසුගිය දකුණු අප්‍රිකා අප්‍රිකා සංචාරයෙන් පසු මැතිව්ස් මාස 18ක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත් වී සිටි මැතිව්ස් යළි ඔහු පිටියට පිවිසුනද ඔහුට ක්‍රීඩා කළේ පිත්කරුවකු ලෙසයි.
ඔහු පසුගිය තරඟාවලියේදී පන්දු යැවීමේ නිරත්වුනේ නැහැ.
මේ නිසා ඔහුගේ නැවත වෛද්‍ය උපදෙස් ලබාගැනීම සහ සිය ප්‍රතිකාර ක්‍රියාවලිය සම්පුර්ණ කරගැනීම සදහා මෙවර ඕස්ට්‍රේලියාව බලා පිටත් වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.
කෙසේ වුවත් මැතිව්ස් දැන් අබාධයකින් පෙළෙන්නේ නැති බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ.
නමුත් මේ තත්වය නිසා ඔහුට අන්තර් පළාත් විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරඟාවලිය අහිම් වුණා.
