Gossips

විස්සයි විස්ස තරගයට ලසිත් මාලිංග නැහැ

දකුණු අප්‍රිකාව සමඟ ලබන 14 වනදා පැවැත්වෙන විස්සයි විස්ස තරඟය සඳහා ලසිත් මාලිංග නම් කර නැහැ.
එම තරඟයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම් කෙරුණු අතර ඊට වමත් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු එක්කර ඇත්තේ වසර 03කට පසුව වීම විශේෂත්වයක්.
එමෙන්ම 2017 වසරේ ජනවාරි මාසයෙන් පසු විස්සයි විස්ස තරඟයකට ක්‍රීඩා නොකළ ධනංජය ද සිල්වා ද කණ්ඩායමට කැදවා තිබෙනවා.
දකුණු අප්‍රිකාව සමඟ පැවත්වෙන විස්සයි විස්ස තරගය මෙහෙයවීමේ වගකීම ඇන්ජලෝ මැතිව්ස්ට හිමි වී ඇති අතර තරග තහනමකට ලක්ව සිටින දිනේෂ් චන්දිමාල් ද ලබන 14 වනදා පැවැත්වෙන තරගයට ක්‍රීඩා කරනු ඇති.