Gossips

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය ඇරඹේ

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දිවයින් හිදී ඊයේ ආරම්භ වුණා.
ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවති සමාරම්භක තරඟයේදී ලකුණු 34ක ජයග්‍රහණයක් හිමි කර ගත්තේ ඉන්දීය පිළයි.
ඉන්දීය පිළ සිය පන්දු වාර 20 තුළ දී කඩුලූ 5ක් දැවී ලකුණු 194ක් රැස් කළ අතර, ඉන්දීය පිළේ හාමන්ප්‍රීට් කවූර් පන්දු 51කදී ලකුණු 103ක් රැස් කර ගැනීමට සමත් වුණා.
නවසීලන්ත පිළට සිය පන්දු වාර 20 තුළ දී කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 160ක් පමණයි.
ඊයේ පැවති තවත් තරඟයකදී පාකිස්තාන කාන්තා පිළ පරදවා ලකුණු 52ක ජයක් අත් කර ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා පිළ සමත් වුණා.
විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරඟය හෙට පැවැත්වෙන්නේ එංගලන්ත කාන්තා පිළ සමඟයි.