Gossips

විස්සයි විස්ස ඉතිහාසයේ ඉන්දියාවට දරුණු පරාජයක්

සංචාරක ඉන්දීය පිල සමඟ පැවති පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 80 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්තය ඊයේ සමත්වුණා.
කාසියේ වාසිය දිනූ ඉන්දීය පිල පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස නවසීලන්තයට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දු වාර විස්ස තුළදී කඩුලූ 6 ක් දැවී ලකුණු 219 ක් රැස් කළා.
පිළිතුරු වශයෙන් ඉන්දීය පිලට පන්දු වාර 19 යි පන්දු 2 කදී සියලූ ක්‍රීඩකයන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 139 ක් පමණයි.
එහිදී ටිම් සවුති ලකුණු 17 කට කඩුලූ 3 ක් බිඳ හෙලූවා.
මෙය ඉන්දීය පිල විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී ලැබූ දරුණුතම පරාජය ලෙසයි සැළකෙන්නේ.
දෙරට අතර දෙවන විස්සයි විස්ස තරගය අනිද්දා ඕක්ලන්ඩ් හිදී පැවැත්වීමට නියමිතයි.