ලබන වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ කණ්ඩායම් අදියරේ මූලික වටයේ තරඟවලදී ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරඟයක් පැවැත්වෙන්නේ නැහැ.
ඊට හේතුව පාකිස්ථානය සහ ඉන්දියාව විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් ලයිස්තුවේ පිළිවෙලින් පළමු සහ දෙවන ස්ථානවල පසුවීමයි.
මෙලෙස විස්සයි විස්ස තරඟාවලියකදී පාකිස්ථානය සහ ඉන්දියාව අතර, තරඟයක් නොපැවැත්වෙන්නේ 2011 ලෝක කුසලාන තරඟාවලියෙන් පසුව වීම විශේෂත්වයක්.
2011 වසරේ සිට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කළ ප්‍රධාන පෙලේ තරඟාවලි 5 කදී පාකිස්ථානය සහ ඉන්දියාව කණ්ඩායම් අදියරේ මූලික වටයේ තරඟවලදී එකම කණ්ඩායමකට ඇතුළත් වී තිබුණා.