Gossips

විස්සයි විස්සේ කාසිය වාසිය දකුණු අප්‍රිකාවට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර 20 තරඟයේ කාසිය වාසිය හිමිකර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයා සමත් වුණා.
ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී අද තරඟය පැවැත්වෙන අතර දෙරට අතර පැවැත්වෙන 10වන විස්සයි විස්ස තරඟය මෙය වනවා.
පිතිකරුවන්ට වඩාත් වාසිදායක තණතීරුවක් අද තරඟය සඳහා ලැබෙනු ඇති බවයි ජාත්‍යන්තර විස්තර විචාරකයින් පවසන්නේ.
අද තරඟයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ ඇන්ජලෝ මැතිව්ස් (නායක), කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, තිසර පෙරේරා, දිනේෂ් චන්දිමාල්, ලක්ෂාන් සඳකැන්, කසුන් රාජිත සහ ඉසුරු උදාන