Gossips

විස්සයි විස්සට පෙර පන්දු යැවීම ගැන මුරලි කතා කරයි

විස්සයි විස්ස තරඟ ප්‍රචලිත වීමට පෙර පන්දු යවන්නන්ගේ කාර්යය අදට වඩා පහසු වූ බව ටෙස්ට් කඩුලු ලෝක වාර්තාවට හිමිකම් කියන ප්‍රවීන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට සමගාමීව කොල්කටා හි පැවති ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින් මුරලිදරන් කියා සිටියේ එකල පිතිකරුවන් අද තරම් හයේ පහර එල්ල කිරීමට යොමු නොවූ බවයි.
ටෙස්ට් තරඟ 133කදී කඩුලු 800ක් බිද හෙලූ මුරලිදරන් මේ වන විට අයි.පී.එල්. තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරනවා.