Gossips

විස්සට මනෝ විරෝධයෙන්

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව ඇතුළත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ ගෙන ඒමට නියමිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට සහය ලබානොදෙන බව දමිළ ප්‍රගතිශීලි සන්ධානය පවසනවා.
එහි නායක අමාත්‍ය මනෝ ගනේෂන් මේ බව කියා සිටියේ ඒ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්.
පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ විධායක ජනාධිපති ධුරය සහ ඡන්ද ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ඇතුළත් කරමින් විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බවයි.
කෙසේ වෙතත්, ඊට සහය නොදක්වන බව අමාත්‍ය මනෝ ගනේෂන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.