Gossips

විසඳුම් නැහැ, වර්ජනය ස්ථිරයි – දුම්රිය වෘත්තිය සමිති කියයි

අද මැදියම් රැයේ සිට ස්ථිර ලෙසම දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කරන බව වෘත්තිය සමිති පවසනවා.
බලධාරීන් මේ වනතුරුත් කිසිදු විසඳුමක් ලබාදීමට ඉදිරිපත් නොවීම හේතුවෙන් දුම්රිය වෘත්තිය සමිති ඒකාබද්ධව මීට සුළු මොහොතකට පෙර මෙම තීරණයට එළඹ තිබෙනවා.
ඒ අනුව දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රියේ මෙම පැය 48 ක වර්ජනයට එක්වීමට නියමිතයි.
මෙම ශ්‍රේණිවල පවතින වැටුප් විෂමතා නිවැරදි කිරීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප්‍රමාද කිරීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය සිදුකරන බවද ඔහු කියා සිටියා.