Gossips

විසඳුම් දෙන තෙක් වතු කම්කරුවන් තවදුරටත් වර්ජනයේ

විසඳුමක් නොලැබුණහොත් වතු කම්කරුවන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කරන බව වෘත්තිය සමිති පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ රුපියල් දහසක අවම වැටුපක් ඉල්ලා වතු කම්කරුවන් ආරම්භ කර ඇති වර්ජනයට මෙතෙක් බලධාරීන් විසින් සාධාරණ මැදිහත්වීමක් සිදුකර නොමැති බවයි.
කෙසේ වෙතත් වතු හාම්පුතුන් පවසන්නේ ඔවුන්ට ලබාදිය හැකි උපරිම වැටුප් ප්‍රතිශතය පිළිබඳ මේ වනවිටත් එකඟතාවකට පැමිණ ඇති අතර, ඒ අනුව වර්ජනය නවතා සේවයට වාර්තාකිරිමට කම්කරු ප්‍රජාව කටයුතු කළ යුතුලංකා සේව්‍ය සංගමයේ අධ්‍යක්‍ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ කියා සිටියේ.