Gossips

විෂ මත්පැන් පානයෙන් ඉන්දියාවේ මියගිය සංඛ්‍යාව 140 ඉක්මවයි

ඊසානදිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ විෂ මත්පැන් පානය කිරීම නිසා මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව තේ වතු කම්කරුවන් 143 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්වී ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
තවත් 200 කට අධික පිරිසක් රෝහල් ගතකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම විෂ මත්පැන්වලින් ඉතිරිව තිබූ ලීටර 15,000 ක ප්‍රමාණයක් විනාශ කිරීමට ද රජය කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.
උත්තරාඛාන්ද් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවල විෂ මත්පැන් පානය කර 100 කට අධික පිරිසක් මියගොස් සති දෙකක් ගතවීමටත් පෙර මෙම සිද්ධිය වාර්තාවීම විශේෂත්වයක්.