Gossips

විෂ දුමක් ආඝ්‍රාහණය වී පුද්ගලයෙකු මරුට – කාන්තාවන් දෙදෙනෙකු රෝහලේ

හපුතලේ – ඉදල්ගස්හින්න ප්‍රදේශයේ ලැගුම්හලක දී විෂ දුමක් ආඝ්‍රාහණය වීමෙන් පුද්ගලයෙකු මිය ගොස් කාන්තාවන් දෙදෙනෙකු අද (10) උදෑසන රෝහල් ගත කර තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ එම ලැඟුම්හලේ හිමිකරු වන අතර, ඔහුගේ බිරිඳ සහ සේවිකාව මේ වන විට දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලීසිය සඳහන් කළේ.
මිය ගිය පුද්ගලයාගේ වයස අවුරුදු 60ක්.
මස් පිළිස්සීම සඳහා යොදා ගත් උඳුනක් ඔවුන්ගේ නිදන කාමරයේ තිබී ඇති අතර, ඉන් පිටවූ දුමක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත්ද යන්න පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.