සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය දෙහිවල සහ අගුලාන යන ප්‍රදේශවල අද සිදුකළ විශේෂ වැටලීමකදී හෙරොයින් සහ ගිනි අවියක් ළග තබා ගෙන සිටි සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 29 ක් සහ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සොයා ගත් බවයි.
සැකකරුවන් එම ප්‍රදේශවලම පදිංචිකරුවන් වන අතර, ඔවුන් හෙට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
