බස්නාහිර පළාත තුළ ඊයේ රාත්‍රී 10 සිට අද අලූයම 3 දක්වා කාලය තුළ සිදුකළ විශේෂ රථ වාහන මෙහෙයුමකදී බීමත් රියදුරන් 293 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ රියදුරු බලපත්‍ර නොමැතිව ධාවනයේ යෙදුණු 127 දෙනෙකුට සහ වෙනත් රථ වාහන නඩු 1879ක් ද මෙහිදී පැවරීමට කටයුතු කළ බවයි.
රිය අනතුරු අවම කිරීමේ අරමුණ ඇතිව පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙවැනි මෙහෙයුම් දිවයින පුරා නිරන්තරයෙන් සිදුකෙරෙනවා.
