Gossips

විශේෂ මහාධිකරණයේ නඩු විභාග ඉදිරි සතියේ ඇරඹේ

මහා පරිමාණ මූල්‍ය වංචා සහ විමර්ශන කරන විශේෂ මහාධිකරණයේ වැඩකටයුතු ඉදිරි සතිය තුළ ආරම්භ කිරීමට නියමිතයි.
රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ එම අධිකරණ වැඩකටයුතු ආරම්භ කිරීමට අදාළ යටිතල පහසුකම් සකස් කිරීමේ කටයුතු මේ වනවිට සකස් කර ඇති බවයි.
විශේෂ මහාධිකරණයේ මුලින් විභාගවන නඩු පිළිබඳ අග්‍ර විනිශ්චයකාරවරයා විසින් තීරණය කිරීමටයිි නියමිතව ඇත්තේ.
මහා පරිමාණ මූල්‍ය වංචා සහ දූෂණ විමර්ශනය කෙරෙන විශේෂ මහාධිකරණයේ විනිසුරුවරුන් 3 දෙනෙකු අග විනිසුරුවරයා විසින් පසුගියදා නම්කළා.
මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න ඊට ඇතුළත්.
විශේෂ මහාධිකරණ පිහිටුවීම සඳහා වූ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව වැඩි ජන්ද 67කින් සම්මත වුණා.
ඒ පාර්ලිමේන්තුවේ පැවති එක්දින විවාදයකින් අනතුරුවයි.