Gossips

විශේෂ පක්ෂ නායක රැස්වීමක් උදෑසන 9 ට

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද උදෑසන 9 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙනවා.
කථානායක කාර්යාලය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයින් දැනුම්වත් කර ඇති බවයි.
මේ අතර පාර්ලිමේන්තුව උදෑසන 10.30 ට රැස්වන අතර, අද දිනයේද මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා දමන බවයි කථානායක කාර්යාලය නිවේදනය කළේ.