Gossips

විශේෂ නත්තල් උත්සවයක් කොටුව ජනපති මන්දිරයේ

නත්තල් උත්සවය සැමරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය විසින් සංවිධාන කළ විශේෂ උත්සවයක් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ පස්වරුවේ පැවති මෙම උත්සවය නත්තල් කැරොල් ගීත ඇතුලු විචිත්‍රාංග රැසකින් වර්ණවත් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
අගදරගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදුකරමින් පෙන්වා දුන්නේ සැබෑ නත්තල යනු සැරසිලි හෝ කා, බී සතුටු වීම නොව දිළිඳු ජනයාගේ වේදනාව හඳුනා ගනිමින් ඔවුන්ගේ කුසගිනි නිවීමට ඒකාරාශී වීම බවයි.
රටේ ජනතාව දිලිඳුකමින් මුදවාගෙන ඔවුන්ට වඩා යහපත් ජීවන තත්ත්වයක් උදාකරදීමට සියලු පාලකයින් කැපවීමෙන් කටයුතු කිරීමේ ඇති වැදගත්කම ද උන්වහන්සේ මෙහිදී අවධාරණය කළා.