Gossips

විශේෂ දක්ෂතා ඇති දිල්රුක්ෂි නිවර්තනා පුංචි දැරිය හිරු SUPER DANCER (SEASON-2) වේදිකාවේ ඉදිරිපත් කළ නර්තනය මුළු රටම සංවේදි කළ හැටි

පුංචි නැට්ටුවන් පිරිවරාගත් ප්‍රාසාංගික නර්තනාවකාශයේ රියැලිටි ටෙලිවිෂන් සන්නාමයේ දෙවන සම්ප්‍රාප්තිය හිරු SUPER DANCER (SEASON-2) මේ දිනවල ක්‍රියාත්මක වෙනවා.
ගෙවුණු සති අන්තයේ විකාශනය වුණු හිරු SUPER DANCER (SEASON-2) වැඩසටහන තුළදී ඉදිරිපත් කළ නර්තනංගයක් කාගේත් සිත් සංවේදි කළා.
ඒ, දියතලාව ප්‍රදේශයේ සිට පැමිණි විශේෂ දක්ෂතා ඇති "දිල්රුක්ෂි නිවර්තනා" පුංචි දැරිය විසින් ඉදිරිපත් කළ නර්තනයයි.
දැරිය විසින් ඒ ඉදිරිපත් කළ නර්තනය අවසානයේදී රංගන ශිල්පි ජැක්සන් ඇනතනී මහතා වේදිකාවට පැමිණ දැරියව වැළඳගැනීම ප්‍රේක්ෂයන්ගේ මෙන්ම තරඟ විනිසුරුවන්ගේද නෙතට කඳුලක් ගෙන ඒමට සමත් වුණා.
එම සංවේදි අවස්ථාව පහතින්.