Gossips

විශේෂ කෝප් කමිටුව රැස්වේ

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව ඇතැයි පැවසෙන වංචා සහ දුෂණ සෙවීම සදහා කරුණු රැස්කරන විශේෂ කෝප් කමිටු රැස්වීම පාර්ලිමේන්තුවේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
ඒ, කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන්.
පාර්ලිමේන්තු කමිටු කාමර අංක – 05 පැවත්වෙන මෙම විශේෂ කමිටුව හමුවේ සාක්ෂි ලබාදීම සදහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු උසස් නිලධාරින් මෙන්ම වත්මන් නිලධාරින් පැමිණ ඇති බවයි එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ.