Gossips

විශේෂ අධිකරණ පත් කිරීමට පාර්ලිමේන්තුවට බලයක් නොමැති බව හිටපු අධිකරණ ඇමති කියයි

විශේෂ අධිකරණ පත්කිරීමට පාර්ලිමේන්තුවට බලයක් නොමැති බව හිටපු අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය, ආචාර්ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා.
කොළඹ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු සඳහන් කළේ එලෙස අධිකරණ පත්කිරීමේ අයිතිය ඇත්තේ ස්වාධීනව කටයුතු කරන නීති පාර්ශවයන්ට මිස දේශපාලකයන්ට නොවන බවයි.
‘‘ වර්තමානයේ ප්‍රමාණවත් ලෙස ප්‍රතිපාදන තියෙනවා. ඕනෑම බරපතල කාරණයක් සම්බන්ධව නීතිපති තුමාට අගවිනිසුරු තුමාගෙන් ඉල්ලීමක් කරන්න ත්‍රිපුද්ගල මහාධීකරණයක් පත් කරන්න කියලා. එය අපි ක්‍රියාත්මක කරල තියෙනවා විද්‍යා දැරිය ඝාතන නඩුවේදී, ඒ වගේම උඩතලවින්න නඩුවේදී. ඒ අයිතිය ක්‍රියාත්මක කල යුත්තේ දේශපාලනඥන් විසින් නොවෙයි ස්වාධීනව කටයුතු කරන නීතිපති වරයා සහ අගවිනිසුරුවරයා විසින් කියන එක තමයි ලෝකෙ පිලිගත්ත සම්මතය. මම දන්න තරමට මේ ව්‍යවස්ථාවේ විශේෂ අධිකරණ පත් කරන්නට ප්‍රතිපාදන සැලසිලා නැහැ. ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී අපි සාකච්ඡා කරල නීතිපති වරයාගේන් විමසපු වෙලාවේ නීතිපතිවරයා පිටු 29ක වාර්තාවක් ලබා දීලා තියෙනවා දෙවන ජනරජ ව්‍යවස්ථාව යටතේ එලෙස අධිකරණ පිහිටුවීමට පාර්ලිමේන්තුවට බලයක් නැහැ කියලා.’’