මෙරටින් සොයාගත් විශාලතම හෙරොයින් තොගය නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත පැමිණ තිබෙනවා.
එමෙන්ම එම හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැටලීම සිදුකළ නිලධාරීන්ට ස්තූතිය පළ කර සිටියා. මෙම ක්‍රියාව අනාගත දූ දරුවන් වෙනුවෙන් කළ උදාර මෙහෙවරක් බවයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.
ඉදිරියේදී සිදුකරන මෙවන් මෙහෙවර වෙනුවෙන් තම පූර්ණ සහය සහ ආශිර්වාදය නිරන්තරයෙන් ලබාදනෙ බව ජනාධිපතිවරයා සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
මෙරට ඉතිහාසයේ මෙතෙක් අත්අඩංගුවට ගනු ලැබූ මෙම විශාලතම හෙරොයින් තොගය වන රුපියල් මිලියන 2945 ක් වටිනා හෙරොයින් කිලෝ 294 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේදියි.
