Gossips

විශ්‍රාම ගිය ටයිබු බදුරලියට

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ටටේන්ඩ ටයිබු එළඹෙන පළමු පෙළ ක්‍රිකට් තරඟාවලියේදී බදුරලිය ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා.
ඊයේ දිනයේදී ඔහු දිවයිනට පැමිණ ඇති අතර, තම ක්‍රීඩා සමාජය මුහුණ දී ඇති ආර්ථික දුෂ්කරතා සලකා ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි එම ක්‍රීඩා සමාජයේ සභාපති සුමිත් ආර්. පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
වසර 6 කට පෙර ටටේන්ඩ ටයිබු ජාත්‍යන්තර ක්‍රිකට් පිිටියෙන් සමු ගත් අතර, ඔහු බදුරලිය ක්‍රීඩා සමාජය සමඟ සම්බන්ධ වී ඇත්තේ එම ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩක සචිත් පතිරණ හරහායි.
වසර දෙකක කාලයක් තම ක්‍රීඩා සමාජයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අරමුදල් ලැබී නොමැති බව ද සුමිත් ආර්. පෙරේරා කියා සිටියා. ට
යිබු ඉදිරි දින කිහිපයේදී බදුරලියට පැමිණීමට නියමිත බවත්, සිංහරාජය ඇතුලු ඔහු ප්‍රිය කරන ස්ථාන නැරඹීම සඳහා රැගෙන යාමට ද තමන් කටයුතු කරන බවයි බදුරලිය ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා කියා සිටියේ.
මේ වනවිට 35 වන වියේ පසුවන ටයිබු ටෙස්ට් තරඟ 28 කට, එක්දින තරඟ 150 කට සහ 20 යි 20 තරඟ 17 කට ක්‍රීඩා කර තිබෙනවා.