මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර ලබන මස 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම නියෝග කළේ සැකකරු යොමුකළ ඇප අයදුම්පතද එදිනට සළකා බැලීමටයි.
පැහැර ගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්නට යොමුකළ ප්‍රශ්නාවලියට මෙතෙක් පිළිතුරු නොලැබීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.
