අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ, ආරක්ෂක විද්‍යා පීඨයේ සේනා විධායක විශ්‍රාමික මේජර් ජෙනරාල්, අමල් කරුණාසේකර ලබන 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකරු දැනට යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන අතර, එහි ගිය මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබාදී තිබෙනවා.
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට ආධාර අනුබලදීමේ චෝදනාව මත ඔහු ඊයේ අත්අඩංගුවට ගත්තා.
ඒ යුද හමුදා රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාමට ලක්වූයේ 2008 වසරේ මැයි මස 22 වනදායි.
සිද්ධිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි විමර්ශණ සිදුකරනු ලබන්නේ.
