දුෂ්කර පළාත්වල ගුරු හිඟයට විසඳුම් ලෙස විශ්‍රාමික ගුරුවරුන් යළි සේවයට එක් කරගන්නා බවට පසුගියදා අධ්‍යාපන අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයට රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සිය විරෝධය පළ කරනවා.
පසුගියදා මාතලේ – නාවුල ප්‍රදේශයේ පාසලක පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඤාණානන්ද හිමියන් සඳහන් කළේ රැකියා විරහිත උපාධිධාරින් දහස් ගණනක් සිටියදී අධ්‍යාපන අමාත්‍යවරයා ගෙන ඇති මෙම තීරණයට කිසිදු ලෙසකින් එකඟ විය නොහැකි බවයි.