Gossips

විශ්‍රාමික ගුරුවරුන් යළි සේවයට

දුෂ්කර පළාත්වල ගුරු හිඟයට විසඳුම් ලෙස විශ්‍රාමික ගුරුවරුන් යළි සේවයට එක් කර ගැනීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අදහස් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
මාතලේ – නාවුල ප්‍රදේශයේ පාසලක ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඔවුන්ට දීමනාවක් ලබාදෙමින් එලෙස සේවය ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.