Gossips

විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව හෙට

මෙරට විශ්ව කාලාන්තර සමාලෝචනය පිළිබද වාර්තාව හෙට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කර ගැනීමට නියමිතව තිබෙනවා.
විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ එම සැසිවාරයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ ජිනීවා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවීනාථ ආරියසිංහ බවයි.
විශ්ව කාලාන්තර සමාලෝචනය යනු වසර 5 කට වරක් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 හි මානව හිමිකම් තත්ත්වය සමාලෝචනය කරන ක්‍රියාවලියක්.
එය සෑම රටක්ම සම තත්ත්වයෙහි ලා සලකන තත්ත්වයක් බව ද විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
2007 වසරේදී එය හදුන්වා දී ඇති අතර, මීට පෙර ශ්‍රී ලංකාව සමග චෙක්, ආර්ජන්ටිනා, ස්විට්සර්ලන්තය, පාකිස්ථානය, ජපානය, යුක්රේනය ඇතුළු රටවල් කිහිපයක් සමාලෝචනයට බදුන් වුණා.
මේ අතර, 21 වනදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතයි.